දකුණු ආසියාව ඉලක්ක කරගෙන වර්ධනය වන ත්‍රස්ත ජාලයක් පිළිබද අනතුරු ඇගවේ.

0
329

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයිඑස්කේ හෙවත් ඩයෙෂ් ත්‍රස්තවාදී සංවිධානය දකුණු ආසියාව පුරා සබදතා ජාලයක් ⁣ගොඩනගමින් සිටින බව වාර්තා වේ.

ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් පෙන්වා දී ඇත්තේ එම සංවිධානය,අල් සාදිකි නමින් සන්නද්ධ කණ්ඩායමක් ගොඩනගා ඇති බවයි.

අල් සාදිකි කණ්ඩායම , දකුණු ආසියාව පුරා විහිදී සිටින අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සබදතා ගොඩනැගීමේ නිරතව සිටින බව ද එම විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

පසුගියදා පුද්ගලයන් 12 දෙනෙකු මරණයට පත් කරමින් ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක සිදුවූ බෝම්බ ප්‍රහාරයටද වගකිව යුත්තේ මෙම සංවිධානය බව පැවසේ.

කෙසේවෙතත් ,තලේබාන් සංවිධානය පවසා ඇත්තේ තමන්ට අයිඑස්කේ,සහ අල් සාදිකි කණ්ඩායම් තර්ජනයක් නොමැති බවත් ඔවුන් පාලනය කිරීමට හැකි බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here