දකුණු ආසියා ඩයස්පෝරා සංසදයේ ප්‍රධාන දේශනය අගමැතිතුමාගෙන්..

0
455

දකුණු ආසියානු ඩයස්පෝරා සංසදයේ තුන්වන සැසිවාරය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතව තිබේ.

එම සැසිවාරය ලබන 18, 19 යන දිනවල සිංගප්පූරුවේදී පැවැත්වෙයි.

සමාරම්භක උත්සවයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රධාන දේශනය සිදු කිරීමට ද අපේක්ෂිතය.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද සැසිවාරය ඇමතීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දකුණු ආසියාවේ නීතිය සහ සාමය යන මාතෘකාව යටතේ අතුරු සැසිවාරක් ඇමතීමට නියමිතය.

කලාපිය වෙළඳාම, ආර්ථිකය සහ ප්‍රතිපත්ති පිළිබඳවත් අනාගත අභියෝග පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සැසිවාරය සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කලාපයේ දේශපාලන, ව්‍යාපාරික, අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නායකයින් සහභාගී වන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here