සිව් දින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කථානායක පාක් බියෝන්ග් සියෝග් මහතා අද මෙරට පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවනවා.
දකුණු කොරියානු කථානායකවරයා අද පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවට පැමි”මට නියමිත අතර එහිදී කථානායකවරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සහ වේත්‍රධාරිවරයා විසින් ඔහු පිළිගැනීමට නියමිතයි.
අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ දකුණු කොරියානු කථානායකවරයා අතර හමුව පැවැත්වෙනවා.
දකුණු කොරියානු කථානායකවරයා සම්භාවනීය අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමට ද එක්වීමට නියමිතයි.
මේ අතර රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව පාර්ක් බ්යෝන්ග් සියෝග් මහතා පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරුණා.
ශ්‍රී ලාංකිකයින් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර’එම ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සියෝග් මහතා කියාසිටියා.