Monday, September 23, 2024

දකුණෙන්ම ඇරඹි අපූරු Lockdown Protest සංකල්පය සහ ආණ්ඩු විරෝධය…

පවතින සංචරණ සීමා සහ කොරෝනා මර්දන නීති හේතුවෙන් මහජනතාවට හෝ මහජන නියෝජිතයින්ට සමූහ වශයෙන් එක්රැස් වී විරෝධතා පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

පසුගිය දා ඇතිවුණු ඉන්ධන මිල ඉහළ යාම නිසා ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ දකුණු පළාත්සභා හිටපු තරුණ මන්ත්‍රීවරයෙක් වන චතුර ගලප්පත්ති මහතා සිය නිවෙස ඉදිරිපිට හුදෙකලා විරෝධතාවක් (Isolated Protest) පෑ අතර එහි ඡායාරූප කිහිපයක් අපවෙත ලැබී ඇත.

ජනතාවට සිය විරෝධය දැක්වීමේ හෝ අදහස් ප්‍රකාශ කිරීමේ අපූරු ක්‍රමවේදයක් ලෙස මෙම සංචරණ සීමා හෝ ලොක්ඩවුන් විරෝධතා අර්ථ දැක්විය හැකිය. මෙය කිසිසේත්ම පවතින සෞඛ්‍ය නීතිරීති වලට පටහැනි නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles