Friday, November 15, 2024

දඩල්ලගේ ලැබුණු ස්ථාන මාරුවට විරුද්ධ වෙයි..

රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් J. දඩල්ලගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මාරු කිරීමට රජය පියවර ගෙන ඇත.

මේ ගැන ඔහු සඳහන් කරන්නේ, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස තමාට මාරුවීමක් ලබා දුන්නද එම අමාත්‍යාංශයේ වැඩ බාර නොගන්නා බවයි.

ස්ථාන මාරුව සම්බන්ධයෙන් තමන්ට දන්වා ඇති නමුත්, දැන්වූ පමණින් වැඩ බාර ගැනීමක් සිදු නොකරන බව ඔහු පවසා ඇත. දඩල්ලගේ මහතා එම ස්ථාන මාරුව සඳහා අභියාචනයක් කිරීමට සූදානම් බවත් පවසා ඇත. කෙසේ නමුත්, අදාල ස්ථාන මාරුව සේවා අවශ්‍යතා මත සිදුවූවක් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles