දඩ කොළ වලට සහනයක්!

0
454

ඉකුත් අප්‍රේල් මස 05වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති දඬ මුදල් ගෙවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සහන කාලයක් ලබා දී තිබෙනවා. එම කාල සීමාවන් තුළදී ගෙවීමට නොහැකි වූ රථ වාහන දඬ පත්‍රිකා අතිරේක දඬ මුදල් රහිතව ගෙවීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී නිකුත් කරනු ලබන දඬ පත්‍රිකා සඳහාද දින 14ක කාල සීමාව ඉක්මවා ගියද ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් අතිරේක දඬ මුදලක් රහිතව ගෙවීම් සිදු කිරීමට රියදුරන්ට අවස්ථාව හිමි වනවා. මෙම සහන කාලය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here