දණහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

0
355

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක සිරකරුගේ දණහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් 2021.11.10 වන දින සවස ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහුව කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කරන ලෙස එහි වෛද්‍යවරුන් උදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුව ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එම වෛද්‍ය උපදෙස් අනුව 2021.11.11 වන අද දින කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2021.11.16 වන දින නැවතත් එම සායනයට ඉදිරිපත් කිරීමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදුන් අතර 2021.11.16 දින දක්වා කොළඹ වැලිකඩ බන්ධනාගාරයට අනුබද්ධ බන්ධනාගාර රෝහලේ ඔහුව රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here