Friday, September 20, 2024

දණ ගැස්සූ ආර්ථිකය හරි ගැස්සුවේ IMF ගිහින් නෙමෙයි…! IMF ගියොත් රටේ ආර්ථිකය නැත්තට ම නැති වෙයි…! – යහපාලන මුදල් ඇමැති රවී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉතා ම පරිස්සමින් ගනුදෙනු කළයුතු බවත් ඔවුන් කියනා සියලු දේ කරන්නට ගියහොත් තිබෙනා ආර්ථිකයත් නැතිවිය හැකි බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මූල්‍ය අරමුදල උද්ධමනය පාලනයට, රුපියල අවප්‍රමාණ කිරීමට මෙන්ම රජයේ වියදම් කපා හරින ලෙස උපදෙස් ලබා දෙන බවත් ඔවුන්ගේ උපදෙස් ක්‍රියාත්මක කළ නොහැකි බවත් හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දණ ගස්වා තිබූ ආර්ථිකය නැවත තමා ගොඩනැඟුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව නොවන බවත් ඔවුන්ගේ මතයට කටයුතු කළේ නම් එදා ජනතාවට දින 100 පොරොන්දු ඉටු කරමින් ලබා දුන් වරප්‍රසාද ලබා දීමට නොහැකි වනු ඇති බවත් රවී කරුණානායක වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව පැවසුවේ ඊයේ (18) කොළඹ දී පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුව මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බව පවසන්නේ එජාප නායක රනිල්. වික්‍රමසිංහ වීම ද විශේෂත්වයකි

Emanisa.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles