දත්ත මැකූ පුද්ගලයන්ට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා – චන්න ජයසුමන

0
342

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයන් කවුදැයි හඳුනා ගත් පසු ඒ අයට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් පිළිබඳව ඉදිරි සතියේදී දැනුම් දෙනු ඇති බවයි රාජ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළ කළේ.

වෛද්‍ය උපකරණ ගෙන්වීමට අදාළ ලිපිගොනු 5,623ක් මෙසේ මැකී ගොස් තිබෙන බව හෙළිව තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ඇරඹුවේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා කළ පැමිණිල්ලක් අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here