දන්දිනා මැතිණිය කවරාකාරදැයි එතුමියගේ දරුවන්ගෙන් තේරුම් ගත හැකියි – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක

0
525

දන්දිනා දිසානායක මැතිනියගේ දරුවන්ගෙන් අපට එතුමිය කුමන ආකාරයේ චරිතයක් ද යන්න තේරුම් ගත හැකි යැයි ගුණ සමරු දෙසුම ආරම්භයේ දී ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පෙන්වා දුන්නේය.

“දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය ගැන මම පෞද්ගලිකව දන්නෙ නැහැ. නමුත් එතුමියගේ දරුවන්ගේ දේශපාලන භුමිකාව ගැන මට යමක් විශ්වාසයෙන් යුතුව පැවසිය හැකියි. අපි ගහක කොළයෙන් ගස අඳුනගන්නවා. දන්දිනා දිසානායක මැතිනියගේ දරුවන්ගෙන් අපට එතුමිය කුමන ආකාරයේ චරිතයක් ද යන්න තේරුම් ගත හැකියි. ඕනෑම මනුස්සයකුගේ පළමු පාසල නැතිනම් පළමු ගුරුවරයා ඔහුගේ හෝ ඇයගේ මවයි.

දන්දිනා සමරසිංහ දිසානායක මැතිණිය දුර්ලභ සුවිශේෂි කාන්තා චරිතයක් ලෙස අපට නිගමනය කරන්න පුළුවන්. එතුමියගේ සැමියා ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා අපේ රටේ නිදහසින් පසු දේශපාලන සමාජ පෙරළියක් විප්ලවයක් සටහන් කළ 1956 යුග පරිවර්තනයට දායක වූ නියමුවෙක්.

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, දෙවරක් ජනාධිපති ධුරයෙන් පිදුම් ලැබූ වත්මන් අග්‍රාමාත්‍යතුමා මෙන්ම වත්මන් ජනාධිපතිතුමාගේ මව ලෙස ඇය ඉතිහාසයට එක්වෙනවා. එතුමිය අපේ රටට දායාද කළ දරුවන් අපේ රටේ ස්වාධීනත්වයට, සමාජ සාමයට, ස්ථාවරත්වයට කළ මෙහෙවර විශිෂ්ටයි

2015 සිදුවුණ වරද යළි සිදු වුවහොත් මේ රට යටත් විජිතයක් වීම වළක්වන්න බැහැ. එතුමිය රටට දායද කළ දරුවන්ට කළ හැකි ලොකුම උපකාරය මේ ගමන ස්ථිරව ගමන් කිරීමට අප සහය වීම යැයි” මොහාන් සමරනායක මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

උපුටා ගැනීම –
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here