දඹදිව වන්දනා වසර තුනකට පසු ඇරඹේ….

0
414

දඹදිව වන්දනා සඳහා මෙරට සැදැහැවතුන්ට යලි අවස්ථාව උදා වී තිබෙනවා. ඒ වසර 03කට පසුවයි. ඒ අනුව, 40ස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට දඹදිව වන්දනා සඳහා යලි එක්විය හැකි බවයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පැවසුවේ. 

ඒ අනුව පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එක් වරකට 40ක සීමාවක් සහිතව ආරක්ෂිතව නැවත ගමන් ආරම්භ කළ හැකි බව ඔවුහු පවසති.

විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පැවසුවේ දඹදිව වන්දනාවේ නිරත වීමට අපේක්ෂිත සැදැහැවතුන් සියලුම ලිපි ලේඛණ සමඟ එන්නත් සහතික පිටපතද සමඟ අවසර ලබා ගැනීම සඳහා කල්වේලා ඇතිව ඉදිරිපත් කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here