Sunday, September 22, 2024

දඹුල්ල පරදා යාපනයට ජය

LPL තරගාවලියේ අද (07) පස්වරුවේ පැවති තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුලු 8ක ජයක් හිමිකරගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදිමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවාර 19යි පන්දු 3 කදී සියල්ලන් දැවී ඔවුන්ට රැස්කරගැනීමට හැකි වුණේ ලකුණු 110ක් පමණයි. ණුවනිදු ප්‍රනාන්දු ලකුණු 23යි.

ලකුණු 111ක පහසු ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114ක් ලබා තරගය ජයගත්තා.

ටොම් කෝලර් ලකුණු 45ක්ද ශොයිබ් මලික් ලකුණු 26ක්ද නොදැවී රැස් කළා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33ක් ලබාගත් අතර ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ටොම් කෝලර් කැඩ්මෝර් (නොදැවී 45) සහ ෂොයිබ් මලික් (නොදැවී 26) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් දඹුල්ල ක්‍රීඩකයින්ව අසරණ කළහ.

Dambulla Giants – 110(19.3 overs)
N.Fernando 23(25) Hasaranga 3/16
Chamika 18(24) Theekshana 3/23
R.Mendis 14(12) J.Seales 2/23

Jaffna Kings – 114/2(12.3 overs)
Kohler-Cadmore 45(30) I.Tahir 1/20 A.Fernando 33(27) N.Pradeep 1/39 S.Malik 26(10)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles