Monday, December 23, 2024

දයාසිරි පුටුවම ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව ඉදිරි මහ මැතිවරණයට තරග කළ හැක්කේ පුටුව ලකුණින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සමඟ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්ගෙන් තොර උගත්, බුද්ධිමත් නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවන බවත් එහිදී ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“අපි පක්ෂ 17ක් එකතු වෙලා ගිවිසුමක් අත්සන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ක. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එහි ලකුණ පුටුව කියලා බොහොම පැහැදිලිව ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ සන්ධානය ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඇතිකරගත්ත එකඟතාවය බිඳින්න කාටවත් අයිතිවාසිකමක් නෑ. ඒ නිසා ඒ ක්‍රියා දාමය තුළ අපි ඉදිරියට යා යුතුයි. ගෝඨාභය රාජපක්ෂයේ වත්මන් වැඩපිළිවෙල ගැන විශාල පැහැදීමක් මිනිස්සු තුළ තියෙනවා. එතුමාව තවදුරටත් අපි ශක්තිමත් කළ යුතුයි. එතුමාගේ කාර්යයන් ඉදිරියට ගෙනියන්න නම් එතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් එන්න ඕනේ. ඒ පාර්ලිමේන්තුව පිරිසිදු පාර්ලිමේන්තුවක් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles