දයාසිරි සුවය ලබා ගෙදර යයි

0
700

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ වනවිට සුවය ලබා සිය නිවස වෙත පිටව ගොස් තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

කොවිඩ් ආසාදිතව සිට තමා නිවසට පැමිණි බවත්, සතියක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන බවත්, තමාගේ සුවය වෙනුවෙන් ප්‍රාර්ථනා කළ සියලුදෙනාට ස්තූතිය පුදකරන බවත් දයාසිරි ජයසේකර මහතා ටිව්ටර් ගිණුමේ සටහන් කර ඇත.

පසුගිය ජනවාරි 08 වනදා රාජ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඉන් පසු ඒ මහතා හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යැවිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here