Sunday, September 22, 2024

දරුවන්ගේ ආරක්ෂාවට මාර්ගෝපදේශන වෙබ් අඩවියක්

දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු මාර්ගෝපදේශන මෙන්ම දත්ත අඩංගු වෙබ් අඩවියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා ‍තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නි‍යෝජිතායතනය පියවර ‍ගෙන ඇත.

ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ති‍බෙන බව ශ්‍රී ලංකා ‍තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නි‍යෝජිතායතනය පවසයි.

විශේෂයෙන්ම දරුවන් දෙමාපියන් සහ ගුරුවරුන් යන තෙපාර්ශවයටම අ‍න්‍යෝන්‍ය වශයෙන් වැදගත් තොරතුරු මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමෙන් දැනුම්වත් වීමට හැකිවන බව ‍පෙන්වා‍දෙන එම නියෝජිතායතනය විශේෂයෙන්ම වර්ථමාන සමාජයේ බහුල වෙමින් පවතින ළමා අපයෝජන සහ ළමා අපචාරයන්ගෙන් දරුවන් ගොදුරුවීම වලක්වා ගතහැකි පුර්ව ආරක්ෂක ක්‍රියාදාමයන් මෙන්ම උපක්‍රම පිළිබදව දරුවන් දෙමාපියන් සහ ගුරුවරුන් දැනුම්වත් කිරීම පිළිබඳව මෙම වෙබ් අඩවිය මඟින් වැඩි අවධානයක් යොමුකර ති‍බෙන බවද කියා සිටීයි.

දරුවකු මව්කුස පිළිසිඳ ගැනීමේ සිට මෙළොවට බිහිකිරීම දක්වා මෙන්ම දරුවා හදා වඩා ගැනීමේ දී මවට මෙන්ම දරුවාට ද වැදගත් කරුණු මෙම වෙබ් අඩවියට ඇතුළත් වන අතර එම සියලු තොරතුරු අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම සහිත ප්‍රවීනයින්ගෙන් ලබාගෙන ති‍බෙන බවද ශ්‍රී ලංකා ‍තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නි‍යෝජිතායතනය සඳහන් කරයි.

වෙබ් අඩවියේ තොරතුරු පිළිබදව වැඩිදුර දැනුම්වත් කිරීම් සඳහා ජායාරූප වීඩීයෝ දර්ශන මෙන්ම සාකච්ජා ද යොදා ගැ‍නෙන අතර විද්වතුන් පර්යේෂකයන් ඇතුලු බාහිර පාර්ශවයන්ට ද දරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණ සාකච්ජා සම්මන්ත්‍රණ පිළිබද තොරතුරු වෙබ් අඩවියට එක් කිරීමට පහසුකම් සැලසේ.

ළමා ප්‍රජාව ගොදුරු වන අපයෝජන අපචාර පිළිබදව අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමට ද වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට පහසුකම් සළසා ති‍බෙන අතර වෙබ් අඩවියට ඇතුලත් කෙරෙන සියලු තොරතුරු ජාතික ළමාරක්ෂක අධිකාරියේ පුර්ණ අධීක්ෂෙණය යටතේ සිදු‍කෙ‍රෙන බවද ශ්‍රී ලංකා ‍තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නි‍යෝජිතායතනය පවසයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles