Saturday, November 16, 2024

දරුවන් අතර කොරෝනාව පැතිරුනොත් පාසල් පවත්වා ගෙන යාමේ අවදානමක්

දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගියහොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහල සදහන් කරයි.

එහි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ අපිට ලැබුණු අවස්ථාවෙන් අනිසි ප්‍රයෝජන ගෙන විනෝදගමන්, සාද ආදි දේ අනවශ්‍ය ලෙස පැවැත්වුවහොත් දරුවන්ට පාසල් යාමට නොහැකි තත්ත්වයක් යළි මතු විය හැකි බවයි.

පසුගිය දින කිහිපය තුළ ⁣දරැවන් අතර කොරෝනා රෛසය ආසාදනය වීම වැඩිවීම පෙනී යන බවද ඒ මහතා පැවසීය.

එනිසා දෙමාපියන් ලෙස කළ යුතු වන්නේ දරුවන් ද රැකගෙන පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය ලබා දීම බව ද ඔහු පවසයි.

කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය.

දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් වහාම නවතා දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

ඒ නිසා මේ තත්ත්වයෙන් බේරි සිටිමට හැකිතාක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles