දරුවන් පාසල්වලට ඇතුළත්කර ගැනීම සඳහා නව ජාතික ප්‍රතිපත්තියක්

0
318
දරුවන් පාසල්වලට ඇතුළත්කර ගැනීම සඳහා දෙමාපියන් දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් පසුපස යාම වළක්වමින් දරුවන් පාසල්වලට ඇතුලත් කිරීම සඳහා නව ජාතික ප‍්‍රතිපත්තියක් හදුන්වාදීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ  (23) පස්වරුවේ එක් වෙමිනි.
දරුවන් පාසල්වලට ඇතුලත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සෑම රජයක්ම ගත් තීන්දු තීරණ අසාර්ථක වූ බව පැවසූ ජනාධිපතිතුමා ඒ පිළිබද සෑම රජයක්ම දැඩි විවේචනයට ලක් වූ බව ද සිහිපත් කළේය.
පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට දෙමාපියන්ට සටන් කිරීමට සිදුව ඇත්නම් එය සියලූ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු කරුණක් බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ජනපි‍්‍රය යැයි සම්මත පාසල්වල දකින දේ අන් සියලූ පාසල්වල ඇති කිරීමට රජයක් ලෙස වත්මන් රජය සියලූ කැපකිරීම් සිදු කරන බවද කියා සිටියේය.
ජනපි‍්‍රය යැයි සම්මත පාසල්වල තිබෙන ගුණාත්මක භාවය තරඟකාරිත්වයක් නොමැති පාසල්වල ඇති කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ දායකත්වය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
විශිෂ්ට කුසලතා දැක්වූ සිසුන් 35 දෙනෙකු වෙත තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
කාර්යක්ෂම ගුරු භවතුන් ද ඇගයීමට ලක් කරමින් ගුරු භවතුන් 18 දෙනෙකුට සම්මාන සහතික ප‍්‍රදානය ද සිදු විය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, මලික් සමරවික‍්‍රම, ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, රවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් ඇතු`ථ ආරාධිත පිරිසක් ද විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, ආදි ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන ලේකම් අතුල මුණසිංහ මහතා ඇතුළු ආදි සිසුන්, දෙමාපියන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here