දැඩි සත්කාර වල සිටින කොරෝනා රෝගීන් 50% කින් පහළට

0
331

දැඩි සත්කාර ඇඳන්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50% කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තවදුරටත් ජනතාවගේ සහය අවශ්‍ය බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) පැවැත්වෙන කොරෝනා කාර්ය සාධක බලකා රැස්විමේදි සංචරණ සීමා සම්බන්ධයෙන් හා දැනට පවතින නීතිරීති පිළිබඳව සමාලෝචනය කරන බව ද ඔහු සඳහන් කළේ ය. 

මේ වන විට ඇතැම් පිරිස් මුඛ ආවරණ නිවැරදි ලෙස භාවිතා නොකරන බවට වාර්තා වී ඇති බවත් දිගින් දිගට එසේ වූවහොත් නැවතත් අවධානම් තත්ත්වයකට රට පත්විය හැකි බව ද ඔහු සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here