දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව බිංගිරිය, හලාවත, පුත්තලම අවට ප්රදේශවල පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වඩාත් විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙනවා.