Thursday, September 19, 2024

දැන් තියෙන්නේ විපත් සංවර්ධනයක් -සජිත්

ආණ්ඩුවේ අසමත් ආර්ථික කළමණාකරණය හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“ඊයේ මැදියම් රැයේ සිට තෙල්මිල වැඩි කළා. කොහොම ද මෙහෙම විශ්‍රාමිකයෝ ජීවත් වෙන්නේ. කොහොම ද රාජ්‍ය සේවකයෝ ජීවත්වෙන්නේ. කොහොමද රටේ ජනතාව ජීවත්වෙන්නේ. ගුරුවරුන් ට සොච්චම ලබාදුන්න එක ගෑස් මිල වැඩිකරලා ඔක්කෝම අල්ලලා තියෙන්නේ. අපේ රටේ ගොවි ජනතාව පොහොර නැතුව, රසායනික පොහොර නැතුව, වල්නාශක කෘමිනාශක නැතුව අද මහපාරට ඇද දමලා තියෙන්නේ. අභිමානවත් ජීවිතයක් ගත් කරපු ගොවියා අද දුප්පත්කමින් පෙළෙනවා. මොළ 7 ඇමතිවරයෙක් ඒ ක්‍රමවේද හරහා හැම මිලක් ම බස්වනවා කිව්වා. දැන් මොළ 7ට මොනා උනාද කියන එක අපි දන්නේ නෑ. අද අපේ රටේ පෝළිම් යුගයක් නිර්මාණය වෙලා. සීනි පෝළිම තියෙනවා. හාල් පෝළිම තියෙනවා. ගෑස් පෝළිම තියෙනවා. කිරිපිටි පෝළිම තියෙනවා. 70 – 77 යුගය දැන් මැවිලා පේනවා.  69 ලක්ෂයක ජනවරම ගත්තේ, 70 – 77 යුගය නිර්මාණය කරන්න ද? මේ රටේ සමස්ත ලක්ෂ 220 ම දුප්පතුන් බවට පත්කරන්න ද? මේ වරම ලැබුණේ කියලා මම අහනවා. වියත් සංවර්ධනයක් නෑ. දැන් තියෙන්නේ විපත් සංවර්ධනයක්. දවසින් දවස ඔප්පු කරනවා මේ ආණ්ඩුවට වැඩකරන්න බෑ. වැඩි කරන්න පුළුවන්. අද මේ ප්‍රශ්නයට උත්තරයක් දෙයි ද නැද්ද කියලා. මොකද අද උත්තර නෑ. ආණ්ඩුවට කටඋත්තර නෑ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles