Saturday, September 21, 2024

දැන් තියෙන්නේ විහින් හදාගත් අර්බුද ;කරන්න බැරි අය ඉවත්වෙලා පුළුවන් අයට දැන් රට බාර දෙන්න

දෙල්කඳ පොළෙන් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ කරන්න බැරි දේවල් කරන්න ගොස් අද රටම අමාරුවේ වැටී ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ ආහාර අර්බුදයට විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවයි. බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බවද කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම අසමත් බවද රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කළා.

දැන් තිබෙන්නේ විහින් හදාගත් අර්බුද බවත්, ආහාර අර්බුදයක් නොවැලැක්විය හැකි බවත්, එයට අදාල් විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්මඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත මහතා කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම “ෆේල්” ( අසමත්) බවද ප්‍රකාශ කළේය.

රටෙි ඩොලර් නැති කළ අය ඩොලර් හිඟයට වගකිව යුතු බවද පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක අමුතුවෙන් කිවයුතු නැතැයිද පෙන්වා දුන් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ තමන් ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න කිසිදු ස්ථානයකට තමන් පත්කර නොමැති බවයි.

පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක කියන්නත් දෙයක් දැයි මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල තමා නැතැයිද සඳහන් කළේය.

තමා බංකුවක තබා සිටින බවද හෙතෙම කීවේය.

රට මුහුණ දී සිටින ප්‍රශ්නවලට ආණ්ඩුවට විසඳුම් ලබාදිය හැකි කාලය ඉක්මවා ගොස් ඇතැයිද එබැවින් වෙනත් කණ්ඩායමක් වෙත වගකීම් භාරදීමට පියවර ගත් යුතු බවත් ඔහු අවධාරණය කළා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

“පොහොර නැති කළ පසු ගොවීන් ඵලදාව ගන්නේ කොහොමද?.අද ඇතිවී තිබෙන තත්වයට තීන්දු තීරණ ගත් අය වගකිව යුතුයි.හරි තීන්දු තීරණ ගන්න තිබුණ කාලය අවසන් වෙලා තියෙන්නේ. හරි තීන්දු ගන්න දැන් ගන්න සිදුවන්නේ වෙනත් පිරිසකට.මෙරටට සිදුවූ විදේශ ආක්‍රමණ අවස්ථාවලදීවත් මේ තරම් හානියක් කෘෂිකර්මයට සිදු වුනේ නැහැ.කරන්න බැරි අය ඉවත්වෙලා පුළුවන් අයට දැන් රට බාර දිය යුතුයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles