Saturday, January 11, 2025

දැන් Night Time Data නැහැ -TRC

Night Time ඩේටා පැකේජ සඳහා අවසර ලබානොදෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් පවසනවා. ඒ අනුව Night Time ඩේටා පැකේජ ලෙස සඳහන් කරන්නේ තමන් ලබාගන්නා ඩේටා පැකේජයට නොමිලයේ ලබාදෙන ඩේටා ප්‍රමාණය බවයි ඔහු සඳහන් කළේ.

මෙම පැකේජ සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු සන්නිවේදනයේදී අදාළ සමාගම් මඟින් පාරිභෝගිකයා ගෙවන මුදලට ලැබෙන ඩේටා ප්‍රමාණය හා එම පැකේජයට නොමිලේ ලැබෙන ඩේටා ප්‍රමාණය එක් කර ප්‍රකාශ කරන බවත් එය වැරදි කටයුත්තක් බවයි ඔහු සඳහන් කළේ. ඒ හේතුවෙන් පාරිභෝගිකයන් නොමඟ යන බව ඔහු ප්‍රකාශ කළේය.

එම වැරදි වෙළඳ සන්නිවේදනය නිසාවෙන් පාරිභෝගිකයන් නොමඟ යන බවත් ඒ අනුව මෙම Night Time Data ගැටළුව ඇතිවී ඇති බවත් ඔහු පවසනවා.

Night Time Data ලෙස සන්නිවේදන පහසුකම් සපයන සමාගම් ලබාදෙන්නේ තමන්ගේ පැකේජයට අදාළව නොමිලයේ ලබාදෙන ඩේටා ප්‍රමාණයක් වන නමුත් අදාළ සමාගම් එම ඩේටා ප්‍රමාණයද දහවල් කාලයේ ලබාදෙන ඩේටා ප්‍රමාණය හා එක්කර ලැබෙන සංඛ්‍යාව වෙළෙඳ ප්‍රචාරයේදී යොදාගැනීම තුළින් අදාළ ගැටළුව හටගන්නා බවයි ඕෂධ හේරත් මහතා පෙන්වා දෙන්නේ.

Night Time ලෙස වෙනසක් නොමැති වඩා ලාභදායී පැකේජයන් මේ වන විටත් තමන් භාවිතා කරන දුරකථන සමාගම්වලින් මේ වන විටත් නිකුත් කර ඇති බවත්, ඔවුන්ගේ නිල වෙබ් අඩවියට ගොස් ඒ පිළිබදව පිරික්සා නව පැකේජයකට මාරු වන ලෙසත් ඕෂධ හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ වන විට Night Time – Day Time ලෙස බෙදා වෙන්කර ඇති පැකේජයන්ට තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂම අවසර ලබා නොදෙන බවයි විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles