දැවැන්තම පාපැදි සවාරි SlT

0
814

 

ශ්‍රීලංකා ටෙලිකොම් සමාගම, සිය අනන්‍යතාව ක්‍රීඩා ක්‍ෂෙත්‍රයටද එලෙසින්ම රැගෙන එමින් මෙරට වැඩිම දුරක් රටහරහා පැදයන පාපැදි සවාරිය වන ‘ SLT ස්පීඞ්-අප් සයිකල් සවාරිය’ හෙවත් මෙරට ඉතිහාසයේ දැවැන්තම පාපැදි තරග සංවිධානය සම්බන්ධයෙන් ඉකුත් ජුනි 21 දා, කොළඹ සිනැමන් ග්‍රෑන්ඞ් හෝටලයේ දී මාධ්‍ය සාකච්ඡ­ාවක් කැඳවමින් ප්‍රකාශයට පත්කළේය. පාපැදියක් පැදයෑම පිළිබඳ අත්දැකීම සමාජයේ බොහෝ දෙනෙකුට ඇති නමුදු, පාපැදි ක්‍රීඩකයකු ලෙසින්, නොඑසේ නම් වෘත්තීය මට්ටමෙන් පාපැදිය හැසිරවීමේ දී ඒ සඳහා කැපකිරීම, සවිබලය මෙන්ම දරාගැනීමේ ශක්තියද එකසේ වර්ධනය කරගත යුතුවේ.

SLT බ්‍රෝඞ්බෑන්ඞ් සහ ස්මාර්ට්ලයින් ආදී සුවිශේෂී සේවාවන් මතින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ කේෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වූයේද මනා කැපවීම, සවිබලය සහ ඉහළම දරාගැනීමේ හැකියාව මතිනි. ඒ අනුව පාපැදිකරුවෙකුගෙන්, පාපැදි තරග ධාවකයා වෙනස්වන්නේ යම්සේද තොරතුරු සහ සන්නිවේදන කේෂේත්‍රයේ සෙස්සන් අතුරින් SLT ආයතනය සුවිශේෂී වන්නේද එසේය. එවන් සුවිශේෂත්වයක් සහිත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ශක්තිය මතින් සංවිධානය වන අදාළ පාපැදි සවාරිය ජුලි 27 වැනිදා කොළඹින් ආරම්භවී ජුලි 31 වැනිදා මඩකලපුවෙන් අවසන් වීමට නියමිත අතර, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ සහයෝගය මත, ජාත්‍යන්තරව පිළිගත් නීතිරීතිවලට අනුකූලව එය පැවැත්වෙනු ඇත. මෙය ඉකුත් වසරේ දියත් කළ SLT ‘ස්පීඞ් අප් ’ සංචාරයේ දෙවැනි පියවර බවට පත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here