දැවැන්ත ආර්ථික කඩා වැටෙද්දී ලංකාවේ 3.3%ක ආර්ථික වර්ධනයක්…!

0
321

මේ වසරේ (2021) දී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 3.3%ක වර්ධනයක් වන බවට පුරෝකථනය කර තිබෙන බව ලෝක බැංකුව වසරකට දෙවතාවක් නිකුත් කරන කලාපීය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එහෙත් කාලයක් තිස්සේ පැවැති ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සහ ‘කොවිඩ් 19’ වසංගතයේ බලපෑම මධ්‍යකාලීනව වැදගත් අභියෝග රාශියක් මතු කරනු ඇති බව ද එහි සඳහන්ය.

මාලදිවයින්, නේපාලය සහ ශ‍්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකුවේ අධ්‍යක්ෂක ෆාරිස් හඩාඩ් සර්වොස් මේ බව පැවසීය.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50% කට වඩා එන්නත ලබාදීම සාර්ථකව සිදු කර තිබෙන අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට බාධා විය හැකි කොවිඩ් 19 රැල්ලක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ද රජය මේ වන විට අවධානය යොමුකර තිබෙනවා.

Emanisa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here