දිගින් දිගටම ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම බරපතල දේශපාලන වරදක් – අගමැති

0
367

වත්මන් ආණ්ඩුවෙන් අමාත්‍යවරුන් දෙදෙනකු ඉවත් කිරීමට සිදුවූයේ කැබිනට්ටුවේ සාමූහික වගකීම පවත්වාගෙන යෑම සියල්ලට වඩා වැදගත් නිසා බවත් මෙම අමාත්‍යවරුන් කැබිනට් තීන්දුවලට එරෙහිව උසාවියේ නඩු පවරද්දීත් ආණ්ඩුව අසීරුවෙන් නිහඬව ඉවසා සිටි නමුත් දිගින් දිගටම ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම බරපතළ දේශපාලන වරදක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

“යමකු අමාත්‍ය ධුරයක් දරන විට කතා කළ යුතු සහ නොකළ යුතු දේ දැනගත යුතුය. එසේම ආණ්ඩුව කරන ජනප්‍රිය දේ තමන්ගේ ගිණුමට දමාගැනීමටත් ජනප්‍රිය නොවන දේ අන් අයගේ ගිණුම්වලට බැර කර ජනප්‍රිය වීමට තැත් කිරීමත් අනාගතයක් අපේක්ෂා කරන දේශපාලනඥයන් නොකළ යුතු ක්‍රියාවකි.

විශේෂයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරැන් මේ ආණ්ඩුව බිහිකිරීමට සෑහෙන කාර්යභාරයක් කළ බව සත්‍යයකි. එදා එසේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ අය ආණ්ඩුව කඩා දැමීමට දායක නොවිය යුතුය යන්න මගේ මතයයි”

ආණ්ඩුවක් කිසියම් අර්බුදයකට මුහුණදෙන විට එහි හවුල්කාර පක්ෂ හා කණ්ඩායම්වල යුතුකම තමන් සතු විකල්ප යෝජනා ආණ්ඩුවට ලබාදීම බවත් එසේ නොකර මහජන රැස්වීම් තබා ඒවා ගැන ජනතාවට කීම ඵලදායී ක්‍රියාවක් නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here