Saturday, September 21, 2024

දිගු දුර දුම්රිය සේවාවට සුඛෝපභෝගී දුම්රියක් එකතුවන ලකුණු

දිගු දුර ධාවන දුම්රිය භාවිත කරන මගීන් සදහා ආසන 550 කට වැඩි පහසුකම් සහිත වායු සමනය කරන ලද දුම්රියක් ආනයනයට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එමගින් දුර ගමන් සදහා දුම්රිය භාවිත කරන මගීන්ට වඩාත් හොද සේවාවක් ලබා දීමට හැකිවනු ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කලේ.

නවීකරණය වන මෙරට දුම්රිය සේවය පිළිබදව අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙරට ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා දීර්ඝ කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව බවද ධම්මික ජයසුන්දර මහතා සදහන් කළා.

මීට අමතරව පානදුර – වේයන්ගොඩ දුම්රිය මාර්ග කොටස සදහා විදුලි දුම්රිය හදුන්වා දීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

දැනට දුම්රිය භාවිත කරන දුම්රිය මගීන්ගෙන් සියයට 70 ක පමණ පිරිසක් පොල්ගහවෙල සිට කලූතර දක්වා වන දුම්රිය මාර්ගය භාවිත කිරීම ඊට හේතුවයි.

විදුලි දුම්රිය සේවාව පෙර සිටම ආරම්භ කිරීමට සැළසුම් පැවතියත් ඒ සදහා අවශ්‍ය පහසුකම් අවම වීම හමුවේ එය ප්‍රමාද වීමට හේතු වූ බවද ධම්මික ජයසුන්දර මහතා මෙහිදී සදහන් කළා.

ඒ අනුව ඉදිරි වසර කිහිපය ඇතුළත විදුළි දුම්රිය සේවාව මෙරට ස්ථාපිත වනු ඇති බවයි ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් කියාසිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles