දින දෙකකින් කෝටි 570ක ආදායමක් ඉපැයු හොලිවුඩ් චිත්‍රපටය

0
444

අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවා තිබේ. No Time to Die නමැති මෙම සිනමාපටය සැප්තැම්බර් 30 වැනි දින එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක ප්‍රදර්ශනය ආරම්භ කළේය.

එම සති අන්තයේ එය එක්සත් රාජධානිය තුළ ස්ටර්ලිං පවුම් මිලියන 21ක (ලංකා රුපියල් කෝටි 570 ක පමණ) ආදායමක් උපයා තිබිණි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් පළමු සති අන්තයේ එක්සත් රාජධානිය තුළ උපයන ලද වැඩිම ආදායම මෙය බව වාර්තා වේ.

සිනමා කර්මාන්තය මත කොවිඩ් වසංගතයේ බලපෑම තවමත් අවසන්ව නැති පසුබිමක් තුළ මෙය විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ Skyfall චිත්‍රපටයයි.

එම බොන්ඩ් චිත්‍රපටය තිරගත වූයේ 2012 වසරේය. පළමු සති අන්තයේ එක්සත් රාජධානිය තුළ එය උපයා තිබූ ආදායම ස්ටර්ලිං පවුම් මිලියන 20.2ක් විය.No Time to Die චිත්‍රපටයේ බොන්ඩ් චරිතය රඟපාන සුප්‍රකට නළු ඩැනියල් ක්‍රේග් එම චරිතයට පණ දෙන අවසන් බොන්ඩ් චිත්‍රපටය මෙයයි.
2006 වසරේ සිට චිත්‍රපට පහක එම චරිතය නිරූපණය කිරීමෙන් පසු ඔහු එම චරිතයෙන් සමු ගනියි. මේ නිසා මෙම සිනමා පටය නැරඹීමට ප්‍රේක්‍ෂකයන් බලා සිටියේ නොඉවසිල්ලෙනි. චිත්‍රපටයට විචාරකයන්ගෙන්ද විශාල වශයෙන් පැසසුම් ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here