දින හතරක නිල සංචාරයක් සඳහා දකුණු කොරියානු කථානායක දිවයිනට

0
278

සිව්දින නිල සංචාරයක් සඳහා දකුණු කොරියානු කථානායක පාක් බියෝන් සෙග් ඊයේ (19) රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ආරාධනයකට අනුව දකුණු කොරියානු කථානායක මෙරට සංචාරයේ නිරත වන බව සඳහන් වෙනවා.

දකුණු කොරියානු කථානායවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩි.වී.චානක ඇතුළු පිරිසක් එක්ව සිට ඇත

දකුණු කොරියානු කථානායක පාක් බියොන් සෙග් මෙම සංචාරය තුළ දි ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

කතානායක මහින්ද ‍යාපා අබේවර්ධන මැතිතුමන් ගේ ආරාධනාවකට අනුව මෙරට පැමිණි දකුණු කොරියානු ජාතික සභාවේ ගරු කථානායක පාර්ක් බයියොන් සෝග් මැතිතුමන් පිළිගැනීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. එතුමන්ගේ මෙම සංචාරයේදි දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු කිරීමට හැකිවෙතැයි තමා විශ්වාස කරන බව මේ පැමිණීම පිළිබඳව සටහනක් තබමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here