Saturday, September 21, 2024

තැපැල් කාර්යාල කටයුතු අද සිට යළි යථා තත්වයට

දිවයින පුරා පිහිටි සියලුම තැපැල් කාර්යාල අද (04) සිට විවෘතව තැබෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

සංචරණ සීමා පැවති සමයේ පෙරවරු 9 සිට සවස 4 දක්වා සතියට දින හතරක් පමණක් විවෘත කරන ලද තැපැල් කාර්යාල අද සිට පෙරවරු 8 සිට සවස 4 දක්වා සෙනසුරාදා දිනයද ඇතුළත්ව සතියට දින හයක් විවෘතව තැබෙනු ඇත.

නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කලේ ලිපි හා පාර්සල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන අතර රජයේ රෝහල්වල සායනික රෝගීන්ගේ ඖෂධ නිවෙස් වලට බෙදා හැරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවයි.

දිවයින පුරාම ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් පමණක් බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන්නේ නම් දුම්රියෙන් ලිපි හා පාර්සල් ප්‍රවාහන කටයුතු සඳහා දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles