Monday, September 23, 2024

දියවඩන නිළමේ පත්කිරීමේදී -ප්‍රාදේශීය ලේකම්වරුන් ඉවතට

දියවඩන නිළමේ පත් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා ඡන්ද බලය ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔවුන් පත් කිරීමේ බලය මහනාහිමිවරුන් වෙත පවරන බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. විහාර දේවාලගම් පනත සහ ථෙරවාදී කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ඉදිරියේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පනත් සම්මත කිරීම මගින් සංඝ ශාසනයට විශාල රැකවරණයක් හා ශාසනය පිළිබඳව ජනතාව තුළ යහපත් ආකල්ප ඉහළ මට්ටමකට ගෙන ඒම සිදුවනු ඇති බව හෙතෙම කියයි.රාමඤ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමින් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles