Sunday, September 22, 2024

දිය ඇල්ලක් හිටි හැටියේ ගල් වෙයි

මධ්‍යම රුමේනියාවේ ටොප්ලිටා හි තාප දිය ඇල්ල හිටිහැටියේම ගල් වී තිබෙනවා. මෑත කාලීනව පැවති සෘණ උෂ්ණත්වය තාප දිය ඇල්ල කැටි වීමට හේතුව ලෙස දැක්වෙනවා.

ටොප්ලිටා තාප දිය ඇල්ල මුරේස් ගංගා තණබිම්වල වර්ග මීටර් 500 කට වඩා විහිදී පැතිර පවතින විශ්මයජනක භූ විද්‍යාත්මක පරිසර පද්ධතියක් ලෙස සැලකෙනවා.

එහි සුන්දරත්වය නිසාම ලොව පුරා ප්‍රසිද්ධියට පත් දිය ඇල්ල වසර සිය ගණනක් පුරා තාප ඛනිජ ජලය විසින් ගෙන එන ලද හුණුගල් සහ ට්රැවර්ටයින් නිධි වලින් නිර්මාණය වී තිබෙනවා.

දිය ඇල්ලට යන මාර්ගය නම් කිසිසේත්ම පහසු එකක් නෙමෙයි. නමුත් සංචාරකයින් පවසන්නේ දිය ඇල්ලේ ඇති අපූර්වත්වය එක්ක බැලුවම ඒ දුෂ්කර මාර්ගය ගණන් නොගත යුතු මට්ටමේ එකක් බවයි.

ටොප්ලිටා තාප දිය ඇල්ල වසර 22 කට පෙර ස්වභාවික ස්මාරකයක්, ජාතික අවශ්‍යතා සහිත ආරක්ෂිත ප්‍රදේශයක් සහ ජීව විද්‍යාත්මක හා භූ දර්ශන ස්වභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles