දිය ඇලිවලින් මරණ 512ක්-බෝපත් ඇල්ලෙන් පමණක් මරණ 100 යි

0
445

පසුගිය වසර 12 ඇතුළත මෙරට දියඇලි වලින් අපරීක්ෂාකාරී ලෙස හා බීමත්ව ස්නානය කිරීමට ගිය පුද්ගලයන් 512 ක් පමණ මරණයට පත්වී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් දිය ඇලි යොවුන් මිතුරෝ සංවිධානයේ සභාපති අසිත ඉන්දික වීරවර්ධන මහතා පවසයි.

වසර 20 ක් තිස්සේ දිය ඇලි පිළිබඳව කළ විවිධ පර්යේෂණ ඇසුරෙන් මේ තොරතුරු සපයන අසිත ඉන්දික මහතා මීට අමතරව දියඇලි වලට පැන හා දිය ඇලිවලට තල්ලු කර ජීවිත හානි 25 ක් පමණ වාර්තා වී ඇතැයි කීය.

මෙරට දිය ඇලි 12 ක් ජල සුළි, වළවල් ජල ආවාට හා ලිස්සන සුලු බව නිසා අති මාරක දියඇලි ලෙස හැඳින්විය හැකි බව ද ඉන් වැඩිම මරණ ගණනක් සිදුවී ඇති දිය ඇල්ල රත්නපුරය කුරුවිට බෝපත්ඇල්ල බව ද අසිත ඉන්දික මහතා පවසයි. ඒ අනුව බෝපත් ඇල්ලේ දැනට මරණ 600 කට වඩා සිදුවී තිබේ.

මීට අමතරව රත්නපුරය කටුගස්ඇල්ල, ගොක්සිං ඇල්ල, මරක්කල ඇල්ල, බළන්ගොඩ දූවිලි ඇල්ල, බෙලිහුල්ඔය පහන්කඩ ඇල්ල, රත්නපුරය ඇල්ලවල ඇල්ල, නුවරඑළියේ ඇබර්ඩින් – ඩෙවොන් – ලක්ෂපාන යන දියඇලිත්, මාතර මීදුම් ඇල්ලත් රත්තොට බඹරකිරි ඇල්ලත් මේ මාරක දිය ඇලි ලෙස දැක්විය හැකි ය.

මීට අමතරව රටේ විවිධ දිස්ත්‍රික්කවල ඇති දිය ඇලි 66 ක් ආශ්‍රිත ‍ඉහත මරණ 512 ක් සිදුවී ඇති බව පෙන්වා දෙන අසිත ඉන්දික මහතා ඒ ස්ථානවල සිදුවූ මරණ ගණනාවක් එම දිය ඇලි අසල සිදුවූ බවට ප්‍රාදේශීය සභා පියවර ගෙන නොතිබීම ඉතා කනගාටුදායක බව පවසයි.

දිය ඇලි අසලදී සමහරු තරුණ එඩිය පෙන්වන්නට යාම, මද්‍යසාර බී ස්නානය කිරීමට යාමෙන් ද, රාත්‍රියේ ස්නානය කිරීම ද දියසෙවෙල් බහුල ස්ථානවල ස්නානය කිරීමෙන් ද මේ මරණ සිදුවී ඇතැයි අසිත ඉන්දික වීරවර්ධන පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here