Friday, January 24, 2025

දිවයිනට පැමිණි යොහානිට ඉතා උණුසුම් පිළිගැනීමක්

ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත් , සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා , ඒ ජනතාව අහපු නැති භාෂාවකින් මම ගීතයක් ගායනා කළාම , එය අතිශයින්ම ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූ බව ගායිකා යොහානි ද සිල්වා අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය. ඇය එසේ පැවසූවේ, ඉන්දියාවේ සති දෙකක පමණ කාළයක් තුළ සංගීත ප්‍රසංග ගනනාවකට සහභාගීවීමෙන් අනතුරුව,යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ යොහානි ද සිල්වා,

මම ඉන්දියාවේ නවදිල්ලි , හයිද්‍රාබාද් සහ මුම්බායි යන නගර වල සංගීත ප්‍රසංග සදහා සහභාගී වුනා. එහිදී එම ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි උනා . මට ඒ පිළිබඳව ගොඩක් සතුටුයි. මගේ ඊළඟ බලාපොරොත්තුව මගේ සිංහල ගීත 12 ක් ඇතුළත් ගීත ඇල්බමය ඉදිරිපත් කිරීමටයි . දැන් ඒ ඇල්බමයේ ගොඩක් වැඩ අවසන් කරල තියෙනවා යැයි ද ගායිකා යොහානි ද සිල්වා වැඩිදුරටත් පැවසුවාය. ඇය රාත්‍රී 11.25 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය. කටුනායක ගුවන් තොටුපළ තුළ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක භටයින් විසින් විශේෂ ආරක්ෂාවක් සළසා දී තිබූ අතර විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹ බලා ගුවන් තොටුපළේ සිට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

“මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.එමෙන් ම යොහානි ද සිල්වා ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස ද පසුගිය දා සහභාගී වුණි.

ඉන්දීය රූපවාහිනි නාලිකාවක යොහානි සිය දක්ෂතා පෙන්වූ පළමු අවස්ථාව මෙයයි.යොහානි ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් ඇති අතර, ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles