Thursday, September 19, 2024

දිවයිනේ ප්‍රදේශ ගණනාවකම යළිත් ගෑස් හිඟයක් !

දිවයිනේ ප්‍රදේශ ගණනාවකම මේ වන විට යළිත් ගෑස් හිඟයක් මතුව තිබෙනවා.

ගෑස් මෙරටට ආනයනය කිරීම සදහා වානිජ බැංකු විසින් ණයවර ලිපි නිකුත් නොකිරීම මත ගෑස් ආනයනය කිරීම දැඩි ගැටළුකාරි තත්ත්වයකට පත්ව ඇති බවයි ගෑස් සමාගම් පවසන්නේ.

එසේම පවතින ගෑස් තොග අවසන් වීම හේතුවෙන් මේ වන විට වෙළඳපළට ලාෆ් ගෑස් නිකුත්කිරීම ද 04 වනදා සිට අත්හිටුවනු ලැබුවා.

පවතින ගෑස් හිඟය මත ඇතැම් ප්‍රදේශවල ලාෆ් ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක වැඩි මිලට ගෑස් අලෙවි කිරීමට කටයුතු කර තිබූ බවටද තොරතුරු වාර්තා වුණා.

මේ වන විට ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ එවැනි මිල වැඩිකිරීමක් සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර ගෑස් රැගත් නෞකා දෙකක් පසුගියදා මෙරටට ළඟා වී ඇති අතර එම නෞකාවන් ද මේ වන විටත් උස්වැටකෙයියාව තල්දියවත්ත මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන තෙක් එම නෞකාවන් වෙත මුදල් ගෙවීම් කටයුතු සිදු කර නොමැති වීම හේතුවෙන් එම නෞකාවල පවතින ගෑස් තොගයන් ගොඩබෑමේ කටයුතු මේ වන තෙක් ආරම්භ කර නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles