Monday, September 23, 2024

දිවයිනේ සියලුම පාසල් හී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති නොවැම්බර් 08 ආරම්භ වේ

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්‌ගෝපදේශ මාලාවක් නිකුත් නිකුත් කර තිබේ.නොවැම්බර් 1 වැනිදා සිට 15 වන දින දක්වා මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහාපමණක් උපකාර පන්ති 50%ක ධාරිතාවයෙන් නොවැම්බර් 16 වැනිදා සිට ආරම්භ කිරීමට අවසර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ඉතා ප්‍රශස්ත ලෙස හා උසස් සහභාගිත්ව අගයකින් යුතුව දිවයිනේ සියලුම පාසල් හි ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) මහනුවර දි දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම පවතින කාලරාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමත්, විභාග පැවැත්වීමට අදාල අංශ හා මේ වන විට සැලසුම් කිරිම ඉතා වැදගත් බව අමාත්‍යවරයා පැවසිය.

මෙම තත්ත්වයන් යළි උදාකිරීමට කැපවූ විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල, සෞඛ්‍යය කාර්ය මණ්ඩල, ඇතුලූ දේශපාලන අධිකාරියට මෙන්ම දෙමව්පියන් ඇතුළු සම්බන්ධ සැමට ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුලූ රජයේ ගෞරවය පුද කරනවා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභික යදාමිනි ගුණවර්ධන යන මහත්වරුන් එක් වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles