දිවයින තවත් බොරු පුවතක් මවලා…

0
387

divaina newsශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවී තිබෙන් ආරව්ලක් පදනම් කරගනිමින් දිවයින පුවත්පත ඊයේ (30) අසත්‍ය ප්‍රවෘත්තියක් පල කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

මාලඹේ සයිටම් පෞද්ගිලක වෛද්‍ය උපාධි ආයතනයට එරෙහිව අද (31) කොළඹදී පැවැත්වෙන දැවැන්ත විරෝධතාවයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළේ යැයි පවසමින් එම සිසුන්ට පහරදුන්නේ යැයි දිවයින් පුවත්පත වාර්තා කර ඇති නමුත් මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ එම සිදුවීම අද පැවැත්වෙන විරෝධතා පාගමණට කිසිසේත්ම අදාළ නොවන බවයි.

පළමු වසරේ සිසුන් පිරිසක් හා දෙවන වසරේ සිසුන් පිරිසක් අතර වෙනත් ප්‍රශ්නයක් මත එම ගැටුම හටගෙන ඇති බව මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

මීට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවී තිබූ ගැටුමක් සම්බන්ධයෙන්ද දිවයින් පුවත්පත පෘත්තියක් පළ කර තිබූ අතර එම ප්‍රවෘත්තියද සම්පූර්ණයෙන් පදනම් විරහිත අසත්‍ය ප්‍රවෘත්තියක් බවත එහි උපකුළපතිවරයා විසින්ම මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here