Monday, September 23, 2024

දිවයින පුරා ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කාර්යාල ස්ථාපනයට සැලසුම්

මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමිනි මෙලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගත කර නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කාර්යාල දිවයින පුරා ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කඩුවෙල නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ඊයේ (21) වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා‍ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

කොලොන්නාව හා කඩුවෙල ප්‍රදේශවල ජනතාවට පහසුවෙන් තම ඉඩම් ලියාපදිංචි කිරීම හා හිමිකම් සහතික ලබා ගැනීමට පහසුකම් මෙම කාර්යාලය ස්ථාපනය කිරීම තුළින් ඉඩ සැලසේ.

මෙම අවස්ථා සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන් සහ රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles