දිවයින පුරා 10- 13 ශ්‍රේණිවල ආරම්භය හෙට

0
484

දිවයින පුරා සියලු පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා,හෙට (08) ආරම්භ කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

කොවිඩ් මර්දන කමිටුවෙන් ලැබුනු නිර්දේශ වලට ???නුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉලක්ක කර ගනිමින් 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා මෙලෙස පාසල් විවෘත කරන බව ලේකම්වරයා පැවසුවා.

විශේෂයෙන් දරුවන් පාසල තුලදීත් මුහුණු ආවරණ පැළදීම, දෑත් විෂබීජහරණය සහ සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වෙනවා.

අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳවද මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.

එසේම මේ වසරේ අවසන් පාසල් වාරය ලබන වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කරන ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here