දිවිනැගුම නඩුවේ තොරතුරු ඉල්ලා නීතිපතිට ලිපියක්

0
403

නීතිපතිවරයාගේ උදෙස් මත ඉල්ලා අස් කරගත් දිවි නැගුම නඩුව පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ තොරතුරු ඉල්ලා තිබෙනවා.

නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එහි දක්වා ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය පසුගිය 15 වනදා නියම කළා.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඉල්ලා අස්කරගත් නඩුවේ අංකය සහ එම ඉල්ලා අස්කරගැනීමට බලපෑ පූර්ව නඩුවේ අංකය ලබාදෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here