දිවි නැඟුම මූල්‍ය වංචා – බැසිල් ඇතුළු 04 කට අධි චෝදනා..

0
336

2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 33ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිවුදෙනෙකුට නීතිපතිවරයා විසින් අද අධිචෝදනා බාර දෙනු ලැබීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක, හිටපු දිවි නැඟුම අධ්‍යක්ෂ ජෙනරාල් ආර්. කේ. කේ. රණවක හා දිවි නැඟුම කලාප අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි යන මහත්වරුන් මෙලෙස චෝදනා ලබා ඇත.

මෙම නඩුව අද ඒ එම්. වී. කරුණාරත්න මහාධිකරණ විනිසුරුවරයා හමුවේ විභාගයට ගත් අතර චෝදනා කියවා තේරුම් කර  දීම අගෝස්තු 30 වැනිදාට කල් තැබු විනිසුරු පැමිණිල්ලේ ලියවිලි කිහිපයක් විත්තියට බාරදෙන ලෙසටද  නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් රුපියල් පන් ලක්ෂය බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ පනහක් වු ශරිර ඇප මත මුදා හරිනු ලැබ සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here