දිවුල පිටියෙන් ඉවත් කළ වෙලේ ගොඩක් දුක හිතුනා

0
849

සිරිකොත පක්ෂ මූලස්ථානයට තමන්ට එරෙහිව ලැබුනු පැමිණිලි දිනෙන් දින ඉහළ යන නිසා ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට තීරණය කළ බව පක්ෂයේ මහ ලේකම්වරයා තමන් හා පැවැසූ බව නියෝජ්‍ය අමාත්‍ය හා ගම්පහ දිස්ත්‍රක් එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක   රන්ජන් රාමනායක මහතා පැවැසීය.

සමාජ සවිබල ගැන්වීම් සුබ සාධාන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද දෙරණ හා විශේෂ සංවාදයකට එක්වෙමින් අද (01) මේ තොරතුරු හෙළි දරවු කළේය.

දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කළ මෙහොතේ විශාල දුකක් කළකිරීමක් ඇති වූ බවත්  එහිදී පක්ෂ මහ ලේකම්වරයා තමන්ට නම්‍ය ශීලී වන ලෙස උපදෙස්  ලබා දුන් නමුත්  තමන් කිසි විටෙකත් නම්‍ය ශීලී නොවන බවත් නියෝජ්‍ය අමාත්‍ය වරයි පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here