දිස්ත්‍රික්ක 09කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කරයි

0
364

දිස්ත්‍රික්ක 09කට මේ වන විට පණවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද (08) රාත්‍රී 08.30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල හා පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙලුව, යක්කලමුල්ල, බද්දේගම හා ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත හා බුලත්සිංහල, කුරුණෑගල දිස්ත්‍රික්යේ මල්ලවපිටිය හා මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට හා උකුවෙල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇළපාත, කිරිඇල්ල, අයගම හා ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙම අනතුරු ඇගවීම බලාත්මකයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ගග ඉහළ කෝරළේ, යටිනුවර, පස්බාගේ කෝරළේ, ගඟවට කෝරළේ, උඩුනුවර, දොලූව, හාරිස්පත්තුව, පහත හේවා හැට හා උඩ පළාත මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, අරණායක, බුලත්කොහුපිටිය, කෑගල්ල, රුවන්වැල්ල, රඹුක්කන සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහාද අද (08) රාත්‍රී 08.30 දක්වා නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය බලපැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here