දිස්ත්‍රික්ක 12 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා ගැනේ

0
306

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්ක ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබෙන බවත් ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7000 ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම මස වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කීයන ජාතික ඩෙංගු මර්දන ඒකකය ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here