Sunday, September 22, 2024

දිස්ත්‍රික්ක 15කට ඩෙංගු අවධානම….

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබෙනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවලින්. එම දිස්ත්‍රික්ක දෙකේ පමණක් ඩෙංගු රෝගීන් 2200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සෙසු දිස්ත්‍රික්ක 13 අතරින් ගම්පහින් ඩෙංගු රෝගීන් 891 ක් සහ කළුතරින් රෝගීන් 572 ක් ලෙස ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. තවත් දිස්ත්‍රික්ක 7කින් ඩෙංගු රෝගීන් 200 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,155 ක්. කෙසේවෙතත් ගතවූ ජූනි මාසයට සාපේක්ෂව මේ මාසයේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගන්ගේ කිසියම් අඩුවීමක් ද දැකගත හැකියි.

කොළඹ මහ නගර සභා සීමාවට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබීම ද කැපී පෙනෙන සිද්ධියක්. ඩෙංගු රෝගීන් හට කොරෝනා වෛරසය ද ආසාදය වීමේ සිද්ධීන් කිහිපයක් ද ඉකුත් දිනවල වාර්තා වී තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles