දිස්ත්‍රික්ක 23කම නිදහස් සැමරුම් උත්සව

0
323

ජාතික සමගිය තේමාකර ගනිමින් පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන 69 වැනි ජාතික නිදහස් සමරු ප්‍රධාන උත්සවයට අමතරව දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය සැමරුම් උත්සව පවත්වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (30දා) පැවසීය.

එම උත්සවවලට දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්, ඒ ඒ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ලේකම්වරුන් හා මහජන නියෝජිතයන් සහභාගි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝකයේ අනෙකුත් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සියල්ල මුල්කර ගනිමින් එදිනට ජාතික  සැමරුම් උත්සවය පැවැත්වෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here