Sunday, January 12, 2025

දිස්ත්‍රික් පහක පිහිටි රජයේ ‌රෝහල්වල වෛද්‍යවරුන් අද පැය 24 ක සංකේත වැඩ වර්ජනයක

දිස්ත්‍රික් පහක පිහිටි රජයේ ‌රෝහල්වල වෛද්‍යවරුන් අද (20 වැනිදා) පැය විසිහතරක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

ඒ අනුව නුවරඑළිය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මන්නාරම සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ. ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව රෝහල්වලට වෛද්‍යවරුන් පත්කිරීමට එරෙහිව අද අදාළ වැඩවර්ජනය ආරම්භ කළ බවත් හා වර්ජනය පැවැතිය ද හදිසි වෛද්‍ය සේවා ක්‍රියාත්මක වන බවත් එම සංගමය වැඩිදුරටත් පැවසීය.

ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පා මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගත් බවයි. නීත්‍යානුකූල මාරු මණ්ඩලවල අවසන් එකඟතාවයකින් තොරව ප්‍රකාශිත පශ්චාත් සීමාවාසික ලැයිස්තුව නිසා ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බැවින් මෙම විරෝධය දක්වන අතර ,මෙම ලැයිස්තුව අනුව වෛද්‍යවරුන් යොමු කර ඇත්තේ අවශ්‍ය රෝහල්වලට නොවන බවත්, ස්ථානමාරු ලබාදිය යුත්තේ රෝගීන්ගේ අවශ්‍යතාව මත මිස නිලධාරීන්ට අවශ්‍ය අයුරින් නොවන බවයි.

සෞඛ්‍ය ලේකම්තුමන් සිවිල් අමාත්‍යාංශයක ක්‍රියාකාරිත්වය තේරුම් නොගෙන හමුදා මානසිකත්වයකින් කටයුතු කරන බවයි. සෞඛ්‍ය ඇතුලු රාජ්‍ය සේවා පවත්වාගෙනයාම සදහා සිවිල් අමාත්‍යාංශයක් ලෙස කටයුතු කිරීමේදී එහි නීත්‍යානුකුල පාර්ශවයන්ගේ එකගතාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles