Monday, September 23, 2024

දිළිඳු ජනතාවට නව නිවාස 20,000ක්

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිතව පැල්පත් හා වතු ආශ්‍රිතව ජීවත්වෙන ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සහිත නව නිවාස 20,000 ක් දැන් ඉදිවෙමින් පවතින බවද ඒ සඳහා රුපියල් බිලියන 100ක් නාගරික සංවර්ධන අධිකාරිය වැය කර ඇති බවද මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා පවසයි.

මේ වැඩසටහන යටතේ 2020 වන විට අඩු පහසුකම් සහිත පැල්පත් වාසීන්ට නව නිවාස 25,000 ක අයිතිය ලබාදීම මධ්‍යම පරිසර අධිකාරියේ නව “දිවියුරු පුරවර” ව්‍යාපෘතියේ අරමුණ බවද ඇමැතිවරයා පවසයි.

මේ යටතේ ඉදිකළ අලුත්ම නිවාස සංකීර්ණය මාලිගාවත්ත ප්‍රදීපා මාවතේදි ‘සියසෙත සෙවණ’ නමින් පසුගිය සිකුරාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්විය.

රුපියල් ලක්ෂ 13,300 ක ආයෝජනයක් සහිතව ඉදිකළ ‘සියසෙත සෙවණ’ මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 280 කින් සමන්විත වේ. එක් නිවසක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 5ක් වැයකර ඇත. නිවසක වර්ග ඵලය වර්ග අඩි 450ක් වන අතර ඒ සෑම නිවසකම නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, වැසිකිළි නානකාමර වලින් යුක්ත බව අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසයි. කොළඹ නගරයේ ඇති අඩු පහසුකම් සහිත සුහුරු නාගරික ප්‍රදේශ නාගරික පහසුකම් සහිත සුහුරු ප්‍රදේශ බවට පත් කිරීම ‘දිවිසුරු’ ව්‍යාපෘතියේ අරමුණ වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles