දුනු ඊතල යොදාගෙන එල්ල කළ මාරක ප්‍රහාරයකින් නෝර්වේ කොන්ග්ස්බර්ග් නගරයේ පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.