Monday, October 28, 2024

දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය

ජීවිතයේ අනේක වූ ප්‍රශ්ණ හමුවේ එයට මුහුණ නොදී පළායන්නවුන් අතර, එම අභියෝග වලට නිර්භීතව මුහුණදීමට අවශ්‍ය ආත්ම ශක්තියෙන් හෙබි අයද අප අතර ඇත. ඔවුන් අපට කියාදෙන්නේ ජීවිතය නැමැති සයුරේ රැළි පිට රැළි ලෙස පෙරළෙමින් අපව යටපත් කිරීමට පැමිණෙන අනේක වූ අභියෝගයන් හමුවේ නැඟී සිටීමට අවශ්‍ය හැකියාව මෙන්ම ශක්තිය අප තුළම අති බවය. ඉතා අසරණ තත්ත්වයේ පසුවූවද, අප මනසින් නොවැටී අපගේ අරමුණෙහි පිහිටා කටයුතු කිරීම තුළින් අපට එම අභියෝග ජයගත හැකි බවය. මෙය කිසිදු බෙදීමකින් තොරව සැමටම පොදු වු කරුණකි.

මෙවැනි වූ පියෙකුගේ හද කම්පනයට පත්කරවන කතාවක් සහිත වීඩියෝවක් අපට පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දකින්නට ලැබිණි. හදිසි අණතුරක් හේතුවෙන් දෙපයම අහිමි වූ ඔහු අද වන විට තවත් අසරණ බවට පත්ව ඇත්තේ ඔහුගේ සිතෙහි ඇති දිරියට අත්වැලක් සැපයීමට ශක්තියක් ඇති අයෙකුගේ සහාය නොලැබිම හේතුවෙනි. මෙම දිරිය පියාණන් වෙත ශක්තියක් වෙමින් ඔහුට අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම පසුගියදා ඔහුගේ නිවෙසට පැමිණියේ ජනතාව වෙනුවෙන් කැපවෙන ආයතනයක් ලෙස ඔවුනගේ පීඩාවන් හමුවේ ඔවුන්ට ශක්තියක් වීමේ මානුෂීය හැඟීම පෙරදැරි කරගනිමිනි.

මාවනැල්ල රුවන්දෙණිය ප්‍රදේශයේ ජිවත්වන දීප්ති සතුරුසිංහ මහතා මීට වසර පහකට පමණ පෙර හදිසි අණතුරට පත්වන්නේ ඔහු කිසිදු විටෙක අපේක්‍ෂා නොකළ අයුරිනි. කුුුුඩා දියණියකගේ වගකීම සිය දෙවුර මත දරමින්, ඇයගේ අනාගතය සාර්ථකව ගොඩනගා ගැනීමට අවශ්‍ය මග සකසමින්, ඇයට සාර්ථක අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කරමින් පියෙකුගේ ආරක්‍ෂාව සහ වගකිම නොපිරිහෙළා ඉටුකළ දීප්ති මහතා, මෙම අවාසනාවන්ත සිදුවීම හමුවේ නිමේෂයකින් ඔහුගේ එම සිහින සහ බලාපොරොත්තු සුණු විසුණු වී ගියේ ඔහු සදාකාලිව ඇඳකට සහ රෝද පුටුවකට කොටු කරමිනි.

එකින් එක පෙළගැසෙමින්, එකින් එක තෙරපා නැඟෙමින් පැමිණෙන අනෙක වූ ප්‍රශණ හමුවේ ඔහු අසරණ බවට පත්වූ වාර අනන්තය. එදිනෙදා රැකියාවක් කරමින් ජිවිතය සරිකරගත් ඔහුට නැවත සිය ජිවිතය සකසා ගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පවා අදහසක් ඔහු තුළ නොවීය. නමුත් කෙසේ හෝ ජීවිතය ජයගත යුතුය යන අදහස ඔහු තුළ ඇතිවූයේ සිනාවකින් මුව සරසාගනිමින් ඔහුට උපකාර කරන ඔහුගේ සිගිති දියණියගේ මුහුණ දැකීමෙනි. පියෙකු ලෙස ඔහු සතු අභිලාශයන් තවමත් ඔහු තුළ නොසිඳී පවතින්නේ සිය දියණියගේ සහ ඔහුගේ මවගේ ලෙන්ගතු ආදරය සහ රැකවරණය හමුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles