Tuesday, September 24, 2024

දුම්කොළ බදු පනත අසාර්ථකයි

දුම්කොළ බදු පනතේ ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව අසමත් වී ඇති බව රජයේ ගිණුම් කාරක සභාව පවසයි.

රජයේ ගිණුම් කාරක සභාවේ පළමු වාර්තාව (2016.01.01 සිට 2016.04.07 ) එම සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සුරා බදු දෙපාර්තමේන්තුවේ ගිණුම් ගවේෂණය කිරීමේ දී දුම්කොළ බදු පනතේ ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමට සුරා බදු දෙපාර්තුමේන්තුව අසමත් වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මිට අමතරව රේගු දෙපාර්තමේන්තුව මගින් 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු පනත පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු සලසා ගෙන නොතිබූ බැවින් රටට ලැබිය යුතු විශාල ආදාමයක් අහිමි වී ඇති බවත් රජයේ ගිණුම් කාරක සභා වාර්තාව පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles